ප්‍රවීණ කවියකු මෙන්ම ඡායාරූප ශිල්පියකු වූ අභාවප්‍රාප්ත විල්සන් හෑගොඩ මහතාගේ ජන්ම ශත සංවත්සරය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේදී අද (11) පැවැත්විණි.
විල්සන් හෑගොඩ ඡායාරූප හා කවි නිර්මාණ ඇතුළත් සැමරුම් ප්‍රදර්ශනයක්ද ජනපති අතින් විවෘත කැරිණි. හෑගොඩ මහතාගේ පුත්‍රයන් වන ලාල් හෑගොඩ, නීතිඥ අනුර හෑගොඩ, පාලිත හෑගොඩ ඇතුළු පවුලේ ඥාතීහුද එම අවස්ථාවට එක්ව සිටියහ.




