විල්පත්තුවේ කැලෑ කැපීමක් සිදු නොවන බව කීවත් සැබෑ ලෙසම කැලෑ කැපීම සිදු වන බවත්, ඊට වග කිව යුත්තේ මුස්ලිම් ජනතාව නොව පසුගිය රජය සහ වත්මන් රජය බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.
ඇතැමුන් විල්පත්තුවේ කැලෑ කපන බව කියමින් මරිච්චිකට්ටුව ගම්මානය පෙන්වන බවත්, මරිච්චිකට්ටුව ගම්මානයේ යුද්ධයට පෙර ජනතාව සිටි ප්‍රදේශයක් බවත්, සත්‍ය වශයෙන්ම කැලෑ කැපීම සිදුවන්නේ විල්පත්තු උතුරු අභය භූමියට අයත් ප්‍රදේශවල බවත් පවසන ආචාර්ය කාරියවසම් මහතා මේ වන විට විල්පත්තුවේ උතුරු අභය භූමියේ කල්ලාරු ලවිලත්ති කුලමි, මාවිල්ලු හා මඩු රක්ෂිතයත් විනාශ කරගෙන යන බවද සඳහන් කරයි.
“පසුගිය සමයේ නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් නිදහස් කිරීම වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසර නිකුත් කර ඇත්තේ පෙරියමඩු අභය භූමියෙන් බැහැරව භූමි භාගයක් නිදහස් කිරීම වෙනුවෙන් පමණි”
“විල්පත්තුව අවට ආරක්ෂා වි තිබු රජයේ කැලෑ ඉඩමි මෙන්ම රක්ෂිත ප්‍රදේශ මේවන විට රජයේ උවමනාව පරිදි විනාශ කරමින් තිබෙනවා. එය කවුරුන් විසින් සිදුකළද බරපතළ වැරැද්දක් බව අප සැම අවිවාදයෙන් පිළිගත යුතුය. එම වැරැද්දම තව තවත් තීව්ර කරමින් වවුනියාව හා මුලතිව් යන දිස්ත්රික්කවල වනාන්තර අක්කර 16,000 කට අධික ප්රමාණයක් මේ වන විට විනාශ කර දමා තිබෙනවා” යැයිද ආචාර්ය කාරියවසම් මහතා පවසයි.

