විල්පත්තුවේ හානියක් වෙලා නෑ


 විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පසුගිය කාලයේ හානි සිදුව ඇති බවට ඇතැම් පරිසරවේදින් යැයි කියා ගන්නා  පිරිස් සිදුකර ඇත්තේ මාධ්‍ය සංදර්ශණයක්  බව ලංකා සොබා සාමුහිකයේ සභාපති තිලක් කාරියවසම් මහතා පවසයි.

තිලක් කාරියවසම්  මහතා මේ බව පවසා සිටියේ  විල්පත්තුව ජාතික  වනෝද්‍යානය ආසන්නයේ   කර ඇති නැවත පදිංචි කිරිම් තුළින් විල්පත්තුවට හානියක් සිදුව ඇතිද යන්න සොයා බැලිමට      පුරවැසි බලය සම කැදවුම්කරුවන් වන   සමන් රත්න ප්‍රිය , ගාමිණි වියන්ගොඩ මහත්වරුන් හා සෞඛ්‍ය , වරාය, දුම්රිය ,රජයේ කර්මාන්ත ශාලා සේවක සංගමය , ඇතුළු වෘත්තිය සමිති එකමුතුවේ ක්‍රියාකාරින්  සමග විල්පත්තුවේ කළ සංචාරයකින් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

 මෙම සංචාරයේදී ලංකා  සොබා සාමුහිකයේ තිලක් කාරියවසම් මහතා විසින් සංචාරයට එක්ව සිටි වෘත්තිය   නියෝජිතයින් ට පවසා සිටියේ ඇතැම් මාධ්‍ය මගින් හා පරිසරවේදින් සමග භික්ෂුන් වහන්සේලා පිරිසක් දිගින් දිගටම රිෂාඩ් බදුර්දින් ඇමතිවරයාට පහර ගැසිමේ අරමුනින් විල්පත්තුවට හානි කර ඇති බවට ප්‍රචාර ගෙනයන බවයි.

එසේ ඇතමුන් කරන ප්‍රකාශ වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් පැවසු තිලක් කාරියවසම් මහතා මේ වන විට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට කිසිම ආකාරයකින් හානියක් වි නොමැති බවට තමන්ට සහතිකයක් දිය හැකි බවයි. තමන් මෙම ප්‍රදේශ වල ඉන්දියන් හමුදා පැමිනි කාලයේ සිට නිතර පැමිනි බවත් එල්.ටි.ටි.ඊ . සංවිධානය මුස්ලිම් වරුන් එලවා දැමිමේන් පසු නැවත පැමිනේන විට එම ප්‍රදේශ දැවැන්ත වන ගහණයකින් වැසි තිබු බවත් එවා එළි පෙහෙළි කිරිමේදි ඇතැම් පිරිස් වන විනාශයක් ලෙස සලකා විල්පත්තුව විනාශ කරන බවට හඩ නගන බවත් තිලක් කාරියවසම් මහතා පැවසීය.

DSC01707 DSC01735 DSC01738 DSC01743