විල්පත්තු ගිය හතරකගේ සිරුරු සොයා ගනි


විල්පත්තුව පලුගහතුරේ ප්‍රදේශයේදී ධීවර බෝට්ටුවකින් ගිය පස් දෙනකුගෙන් සිව් දෙනකුගේ සිරුරු සොයාගත් බව වනාතවිල්ලුව පොලිසිය කියයි. එම බෝට්ටුවේ ගිය කාන්තාවකගේ සිරුර මෙතෙක් සොයාගෙන නැත.  එම බෝට්ටුවේ හෝ වෙනත් බෝට්ටුවකින්  තව පිරිසක් ගිය බවට මුලින් තොරතුරු ලැබී තිබිණි. එසේ ගිය තවත් 10 දෙනකු අතුරුදන් වුයේ දැයි කියා දැන ගන්නට නැතැයි පොලිසිය පවසයි.