විල්පත්තු ගැන විවාදයකට වියන්ගොඩ ලෑස්තියි


විල්පත්තු ජාතික වනෝද්‍යානයට කිසිදු හානියක් සිදුව නැති බව ඔප්පු කිරීම සදහා ඕනෑම තැනකට පැමිණ විවාද කිරීමට සූදානම් යැයි ජාතික වෘත්තිය සමිති පෙරමුණ පවසයි.
 
පරිසරයට ආගමක් ජාතියක් නැති නමුත් පරිසරය සුරැකීමේ මුවාවෙන් ආගම්වාදයත් ජාතිවාදයත් පැතිරවීමට අන්තවාදීන් උත්සාහ කරන්නේ යැයි එහි විධායක සභික ගාමිණි වියන්ගොඩ මහතා අද(7) පැවැත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළේය.