විල්පත්තු ඇතා මැරූ තැන සොයා ගනී


විල්පත්තුව වනෝද්‍යානයයේ කොණ්ඩකට්ටිමඩුව මහ කැලේදී දින 20 කට පමණ පෙර මරා දැමුණු බව කියන දළ ඇතාගේ සිරුර සොයා ගත් බව පොලිසිය කියයි.

එම ඇතාගේ දළ දෙක රුපියල් ලක්ෂ 45කට මුදලාලි වෙස් ගත් පොලිසියට විකිණිමට යද්දී පුත්තලමේ රන් අබරණහල් හිමියෙක් ද අත්අඩංගුවට ගනු ලැබීය.

ඇත් කුණ පෙන්වීම සඳහා පොලීසිය ඔහු ද සමඟ පැය හයකට වැඩි කාලයක් ජිප් රියෙන්ද පයින්ද ගියේය.

ඇතාගේ උදරයට,කොන්දට හා හිසට වෙඩි පහර තුනක් වැදී ඇති බව  වන ජීවී නිලධරයෝ  කියති.

DSC02361 DSC02543.jpgjj DSC02544 DSC02548 DSC02564.jpgjj DSC02567.jpgfg DSCF2333.jpgll