විල්ගමුව සභාපතිට ඇප


රිමාන්ඩ් බන්ධනාගාරව සිටි විල්ගමුව  ප්‍රාදේශිය සභා සභාපති  ජයන්ත වීරසේකර,හිපු සභාපති රංජිත් කුමාරසිංහ  සහ කැබි රියදුරු ප්‍රියන්ත ප්‍රදීප් කන්දෙකුඹුර රුපියල් විසිපන්දහස බැගින් වු  මුදල් ඇප  හා ශරීර ඇප දෙක බැගින් තැබු පසු  මුදා හරින්නැයි මහියංගන ප්‍රධාන මසේත්‍රාත්  ගීතානී  විජේසිංහ මෙනවිය අද (18) නියෝග කළේය.

ගංජා කිලෝග්‍රෑම් 1 යි  ග්‍රෑම් 130 ක්  විල්ගමුව ප්‍රාදේශිය සභා කැබි රියෙන් රැගෙන යද්දී ගිරාදුරුකෝට්ටේ හෙබරවදී   වලාන දුෂණ මර්දන ඒකකය විසින්  පසුගිය මාර්තු  විසි වැනිදා අත් අඩංගුවට ගත් බව අධිකරණයේදී කියැවිණි.

06 08 09