විල්ගමුව පුංචි හපනා මා පියන්ට අත දෙන බව කියයි


ගොළු බිහිරි මා පිය යුවළකගේ  පුතකු  මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 186 ලබා ගෙන ඉහළින් සමත් වී මේ සිද්ධියක් මාතලේ විල්ගමුව  අධ්‍යාපන කළාපයේ නාමිණිඔය ගම්මානයෙන් වාර්තා විය‍.

නාමිණිඔය ශ්‍රීමත් මොන්ටි ගොපල්ලව ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන තිවංක බුද්ධික සිසුවා  මේ දස්කම දැක්වීය.

නො 2150, අක්කරකාල,නාමිණිඔය විල්ගමුවෙහි පදිංචි ජයන්ත රෝහණ අමරසිංහ (37) හා මව ශ්‍යාමලී වලිසුන්දර (34) ඔහුගේ මා පියෝයි.

 ඔවුන්  උපතින්ම ගොළු හා බිහිරිය‍.

තිවංක සිසුවා සිය අධ්‍යාපන කටයුතු බොහෝ දුෂ්කරතා මැද කැරගෙන ගිය අතර ස්ථිර රැකියාවක් නොමැති ඔහුගේ පියා කුලී වැඩ කරමින් දරුවාගේ අධ්‍යාපනය කටයුතු සාර්ථක කැර ගැනීම වෙනුවෙන් මහත් වෙහෙසක් දරයි

අවුරුදු හතරක් වයසැති තිවංකගේ නැගණියද  හදවත් රෝගයකින් පෙළෙන්නිය.

තිවංකගේ දස්කම් පිළිබඳ පැවසු පන්තිභාර අනුෂා කුමාරි ගුරුතුමිය කීවේ කිසිදු උපකාරක පන්තියකට හෝ සහ‍භාගී නොවී දැඩි ආර්ථික දුෂ්කරතාද මැද මේ දරුවා  වි‍ශිෂ්ට ජයක් ලැබු බව හා පාසලටද විශාල කීර්තියක් අත් කර දුන් බවයි.හොදින් උගෙන වෛද්‍යවරයකු වීම තමාගේ එකම බලාපොරොත්තුව පුංචි තිවංක අප හා පැවසීය.

දරුවාගේ අධ්‍යාපන කටයුතු  වෙනුවෙන් උදව් කිරීමට කැමැති පරිත්‍යාගශිලීන්හට දරුවාගේ පියා වන  ජේ එල් එම් ඩී ජයන්ත රෝහණ අමරසිංහ මහතා නමින් විල්ගමුව මහජන බැංකුවේ  122 200 130037 322  ගිණුමට  මුදල් බැර කළ හැකියි.