විල්ගමු සභාපති උසාවියට අපහාස කරයි


අධිකරණයට බාධා  කළැයි විල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති  ජයන්ත වීරසේකර  අද පස්වරු තුන දක්වා  අධිකරණ සිර මැදිරියේ රඳවා තබන්නැයි ලග්ගල සංචාරක  නාවුල අධිකණ මහේස්ත්‍රාත්  රංගනී ගමගේ මහත්මිය  නියෝග කළාය.

විල්ගමුව පොලිසියේ  ස්ථානාධිපතිවරයකුට විරෝධය පළ කරමින් මීට වසර කිහිපයකට පෙර  ජනතාව රැස් කරමින්  විරෝධතාවක් පැවත්වීමේ සිද්ධියක් සම්බන්ධව  නඩු විභායක්  ලග්ගල අධිකණයේදී අද විභාගයට ගැනිණි.

සැකකරුවන්  දාහත්දෙනා අතර මෙම සභාපති ද විය. නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ අධිකරණයේ  සභාපති සහ තවත් අයකු නොවූයෙන් ඔවුනට  වරෙන්තු නිකුත්  විය.

මේ අතර නඩුව විභාගවෙමින් තිබියදී උසාවියට ඇතුළු වූ සභාපති, සෙසු සැකකරුවන් සිටි තැනට එක්වනු මහේස්ත්‍රාත්වරිය දුටුවාය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඔහුට විරුද්ධව වෙනම නඩුවක් ඒවෙලේම පවරා උසාවි වැඩ අවසන් වනතුරු ඔහු අධිකරණ සිර මැදිරියේ රඳවා තබන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය ඔහුට තරයේ අවවාද කළාය.