ගුරුවරුන් මාරු කිරීම හා දේශපාලන බලපෑම් නිසා රාජකාරි කළ නොහැකියැයි කියමින් මාතලේ විල්ගමුව හඳුන්ගමුව මහා විද්‍යාලයේ විදුහල්පති වසන්ත ඒකනායක මහතා තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විල්ගමු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හැරිස් අලගොඩ මහතාට අද යැවීය.
ඇතැම් දේශපාලන බලවතුන් මෙන්ම අධ්‍යාපන නිලධරයන් ද පාසලට පළා බෙදතියි විදුහල්පති චෝදනා කරයි.
රාත්‍රී කාලයේ පවා නොමිලයේ පන්ති පවත්වමින් පාසල ඉහළ මට්ටමකට පත් කළ විදුහල්පති ඉවත්වීම ගැන මව්පියෝ එක හඩින් විරෝධය පළ කරති.
ඔහුට විදුහල යළි බාර දී ගුරු හිඟය මග හරවන තුරු පාසල වර්ජනය කිරීමට සුදානම් බව ද ඔවුහු කියති.
දේශපාලන ඕනෑඑපාකම් මත ගුරුවරුන් දස දෙනකුම මෑතදී මාරු කර ඇතැයි ද ඔවුහු පවසති.
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පෙරේරා පවසනුයේ විදුහල්පති දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට යන බව තමා පාර්ලිමේන්තුවදීත්, අධ්‍යාපන කාර්යාලයේදීත් කියා ඇති බවයි.
විදුහල්පතිට එරෙහිව විවිධ චෝදනා ඇති බව ද මන්ත්‍රී කියයි.
විදුහල්පති මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.