විරෝධයෙන් පින පෑදෙයි


ඕස්ට්‍රේලියාවේ නීති විරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකික සරණාගතයකු ගුවනින් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට එරට රජය ගෙන තිබූ තීරණයක් ඕස්ට්‍රේලියා මානව හිමිකම් ක්‍රියාකාරී සංවිධානයක දැඩි විරෝධය හමුවේ වැළකී ගොස් ඇතැයි ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඔහු මෙල්බර්න් ගුවන්තොටුපළින් ලංකාව බලා පිටත් කර යැවීමට සූදානම් කර තිබිණි.

ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක ක්‍රියාකාරීහු පිරිසක් මෙල්බර්න් ගුවන් තොටුපළේ විරෝධතාවයක් කළහ. ගුවන්තොටුපොළේ කලබලය වැළැක්වීම සඳහා ඔහු පිටත් කර නැත. ඔහු මේ වනවිට මෙල්බර්න් නුවර ආගමන විගමන රැඳවුම් භාරයේ පසුවේ.