විරෝධයට හෝරා ස්ථම්භයට නැඟ වහලෙත් කඩන් වැටිලා


(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එස්.හේරත්)

තමන්ට පුද්ගලයකු පහර දුන්නැයි පවසමින් එයට විරෝධය පා පොල් කැඩිමේ නිරත පුද්ගලයකු   අද(16 )  මාදම්පේ නගයේ  පිහිටි හෝරා ස්ථම්භයට නැග විරෝධය නිරත වද්දි වහලය කඩාගෙන එම ගොඩ නැගිල්ල ඇතුලට වැටිමේන් තුවාල ලබා රෝහල් ගත කල බව මාදම්පේ පොලිසිය පවසයි.

මෙසේ විරෝධතාවයෙ නිරත ව සිට ඇත්තේ මාදම්පේ මැල්ලවාගාර ප්‍රදේශයෙ පදිංචි කරුපයියා බාබු නැමති 44 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

මෙම තැනැත්තාට මාදම්පේ නගරයෙ ත්‍රි රෝද රථ ගාලේ සිටි පුද්ගලයකු පුද්ගලික ආරවුලක් මත  පහර දුන්නැයි පවසමින් හදිසියෙ 16 දින දහවල් මෙම හෝරා ස්ථම්භයෙ වහලයට නැග අදාල පහර දීමට විරෝධය මතු කරමින් සිට ඇති බව කියයි.

ඒ සමගම මෙම පොල් කඩන්නාට පහර දුන් බව කියන ත්‍රිරෝද රථ රියදුරාදා අත් අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය කියයි.

(ඡායාරූප: හිරාන් ප්‍රියංකර ජයසිංහ)