විරෝධයට පෙර කම්හල වහයි


කටුනායක ඇගළුම් කම්හළක අදත්(09) දොළොස් දෙනකු ආහාර විස වීමකින් මීගමු රෝහලට ඇතුළු කළ බවත් සේවක උද්ඝෝෂණ පටන් ගැනීමට යද්දි දින නියමයක් නැතිව කම්හල වසා දැමු බවත් සේවකයෝ  කියති.

ගිය සතියේ මේ කම්හලෙන් ආහාර විස වී 90 ක් රෝහල් ගත කළ අතර තංගල්ලේ කතක මිය ගියාය. ඇගේ මළගම අද (09) සිදු කිරීමට නියමිතය.

ඇයට වන්දියක්ද  තුවාල වු සේවකයින්ට වැටුප් සහිත නිවාඩුද සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ද ලබා දෙන ලෙස ඉල්ලා  ඔවුහු උද්ඝෝෂණය කිරීමට සැලැසුම් කළහ.

මෙහි සේවකයෝ 2500 ක් පමණ සේවය කරති.