
( රොමේෂ් මධුෂංඛ)
යාපනය බන්ධනාගාරයේ සිරගතව සිටින සිරකරුවකු ආහාර වර්ජනය කරමින් බන්ධනාගාරයේ වහලය උඩට නැග විරෝධතාවක නිරත වෙමින් සිටින අතරතුරදී ඇති විජලන තත්වයක් හේතුවෙන් (29) රෝහලගත කර තිබේ.
සිරකරු මාතර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකු වන අතර ඔහු පසුගිය 27 වනදා සිට අහාර වර්ජනය කරමින් තමන් යාපනය බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයකට මාරුකර යවන ලෙස ඉල්ලා මෙසේ විරෝධතාව අරඹා තිබුණු බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත් ඊයේ(29) දින යාපනය බලපෑ අධික පෑවිල්ලත් සමග බලපෑ අධික අව්රශ්මිය සිරකරුට ඉවසාගත නොහැකි වීමෙන් විජලන තත්වයට පත්ව ඇත.
පසුව බන්ධනාගාර නිලධාරීන් සිරකරුවන ඉතා අසීරුවෙන් වහලයෙන් බස්සවා බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට පියවර ග් බව එම නිලධාරියා පැවසීය.

