විරෝධතාකරුවෝ නේපාල් මැතිසබයට ගිනි තබති


(විමුක්ති එස් රුද්‍රිගු)

තරුණ තරුණියන් 21 කට මරු කැඳවූ විරෝධතාවලට අවසන් කරමින් ඒ සඳහා ව්‍යවස්ථාමය විසඳුමක් සෙවීම සඳහා තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නේපාල අග්‍රාමාත්‍ය කේ.පී ෂර්මා ඔලී අද පැවැසුවේය.

කෝපයට පත්වූ විරෝධතාකරුවන් අද නේපාල ජනාධිපති රාම් චන්ද්‍ර පොඩල් සහ අගමැති ඔලීගේ පෞද්ගලික නිවාස ගිනිතබා තිබූ අතර ඉහළ පෙළේ දේශපාලනඥයන් කීපදෙනකුගේ නිවාසවලට අලාභානි කර තිබිණි.

නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය පුෂ්ප කමල්ගේ නිවසටද විරෝධතාකරුවන් අලාභානි කර තිබිණි.

විරෝධතාකරුවන් අලාභානි කළ නිවාස අතරට අමාත්‍යවරුන් දෙදෙනකුගේ නිවෙස්ද අයත් විය.

එහිදී නේපාල ජනාධිපති රාම් චන්ද්‍රගේ නිවසට අලාභානි කරන අයුරු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය විය.

එසේම විරෝධතාකරුවන් නේපාල පාර්ලිමේන්තුවට කඩාවැදී තිබූ අතර එහි තිබූ බඩු භාණ්ඩවලට අලාභානි කරමින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටද විරෝධතාකරුවන් ගිනි තබා තිබිණි. විරෝධතාකරුවන් නේපාල අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට නිවේදනය කර තිබූ අතර දිගින් දිගටම විරෝධතා ප්‍රචණ්ඩවීමත් සමග නේපාල ස්වදේශ කටයුතු, කෘෂි කර්ම, සෞඛ්‍ය, තරුණ හා ක්‍රීඩා කටයුතු සහ ජලය පිළිබඳ අමාත්‍යාංශ බාර අමාත්‍යවරුන් සියල්ලම සිය ධුරවලින් ඉල්ලා අස්වූ අතර තවත් අමාත්‍යවරුන් කීපදෙනකු ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්වන බවට නිවේදනය.