ජාතික සංවර්ධන බැංකුවේ තම පරිගණක බැංකු තොරතුරු බැලීම තහනම් කරමින් කළ නියෝගයට එරෙහිව විරෝධතා දැක්වීමට කොළඹ මහාධිකරණය හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට අගෝස්තු හතර වැනි දා තෙක් කල් දුන්නේය.
බණ්ඩාරනායක මහත්මියට ඇගේ පරිගණක විශේෂඥයනට හා නීතිඥවරයනට ඇගේ බැංකු තොරතරු ලබා දෙන්නැයි කොළඹ මහේස්ත්‍රාත් උසාවියෙන් කළ නියෝගය සංශෝධනය කරන ලෙස බැංකුව මහාධිකරණයට කරුණු දැක්වීය.
ඒ අනුව මහාධිකරණය එම තහනම පැණවීය.
බණ්ඩාරනායක මහත්මිය ඉල්ලා සිටින තොරතුරු ලබා ගැනීමට ඇයට ඉඩ දුනහොත් වෙනත් බැංකු ගිනුම් තොරතුරුවලට ද පිවිසීමට ඇයට හැකියාව ලැබෙන බවත්, එවැනි තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලියකට බැංකුවට රුපියල් දොකෝටියකට වැඩි මුදලක් වැය වන බවත් බැංකුවේ නීතීඥවරු කියා සිටියහ.
තම වත්කම් හෙළි නොකළැයි හිටපු අගවිනිසුරුට එරෙහිව අල්ලස් කොමිසම මහේස්ත්‍රාත් උසාවියේ පැවරූ නඩුවේ දී බැංකු ලේඛණ විත්තියට ලබා දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් ගිහාල් පිලපිටිය මහතා නියෝග කළේය. එහිදී ඇතැම් විස්තර දිය නොහැකි බව බැංකුව කියා සිටියේය.

