අවිධිමත්ව අධ්‍යාපන පරිපාලන සේවයට පිරිසක් බඳවා ගැනීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව අහෝසි කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය ගොනු කර ඇති පෙත්සමට විරෝධතා ගොනු කරන ලෙස අභියාචනාධිකරණය අද පාර්ශ්වකරුවනට නියෝග කළේය.
මෙම රිට් පෙත්සම එස් ශ්‍රී ස්කන්ධරාජා සහ මාලනී ගුණරත්න මහත්ම මහත්මීගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.
පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් අධ්‍යාපන ඇමැති සහ අමාත්‍ය මණ්ඩලය නම් කරනු ලැබ ඇත.