විරුද්ධ පක්ෂය බෙදිලා : ලබන ඡන්දය එජාපයට වාසියි


 විරුද්ද පක්ෂය දෙකට බෙදී  සීසීකඩ ගොස් ඇති බවත්, ඒ නිසා ලබන පාර්ලි මේන්තු මැතිවරණයෙන් එක්සත් ඡාතික පක්ෂයට තුනෙන් දෙකකට  ආසන්නව මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබීම ඒකාන්ත බවත් පාර්ලිමේන්තුවේ සභානායක හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  හේවාහැට දී කීවේය.

‘මේ ආණ්ඩුව අලුත් ආණ්ඩුවක් වගේම අමුතු ආණ්ඩුවක්. එක්සත් ඡාතික පක්ෂයේ නායකය අගමැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකය ඡනාධිපති.  ඒ දෙගොල්ල එකතු වෙලා ඉන්නවා නම් ගම් වල ඉන්න අපට එකතු වෙලා ඉන්න බැරි මොකද. ගම් වල ඉන්න අපි  බෙදිල ඉන්නෙ නැතුව එකමුතු විය යුතුයි. ‘