විරැකියාවෙන් දකුණ කප් ගහයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාවේ වැඩිම විරැකියාව ඇති  පළාත බවට දකුණු පළාත පත්ව ඇතැයි ද ලංකාවෙි සෑම දිස්ත්‍රික්කයකටම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙක බැගින් තිබුණත් මාතර දිස්ත්‍රික්කයට  ඇත්තේ එක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පමණක් බවද පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී  වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ලංකාවෙි විරැකියා ප්‍රතිශතය  5.1% බවට පත්ව තිබෙන බවද ලංකාවේ දෙවැනි තැනට වැඩිම විරැකියා ප්‍රතිශතයක්  තිබෙන දිස්ත්‍රික්කය  මාතර බවත් කී මන්ත්‍රීවරයා එම අගය 7.2% ක් බව කීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විරැකියා ප්‍රතිශතය  7.7% වී තිබෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ 7%ක ප්‍රතිශතයක් තිබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

උගත් තරුණ විරැකියාව බරපතළ ප්‍රශ්නයක් වී තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.