වියානා ඇළෙන් ගිනි අවියක් -උණ්ඩ මතුවෙයි


(සමන් පාලිත නානායක්කාර )

ලොග්ගල්ලා ඔය වියානා ඇළෙහි  තිබී විදෙස් රටක නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් හා උණ්ඩ තොගයක් ඊයේ (14 ) සවස හමුවූ බව  මහියංගනය පොලිසිය පැවසීය .

මෙම ගිනි අවියේ සේවා අංකය හා හඳුනා ගැනීමේ අංකයක්ද සටහන් කර ඇති බවත් එහි මැගසිනයද බෝර දොළහ තුවක්කු පතුරම් එකොළහක් ටී 56 පතුරම්  පහක්  9 එම්එම්  උණ්ඩ හතක් පොලිතින් උරයක දමා තිබියදී හමු වූ බවද පොලිසිය පැවසීය.

 මේ දිනවල වතුර අඩුවී වියානා ඇලෙහි පතුල පෙනෙන බැවින් මෙම ගිනි අවි හා උණ්ඩ දිස්වී ඇති බවත් පොලිසිය කියයි.