වියානා රියදුරා කෝටි හය හමාරක් අයිතිකරුට දෙයි


වියානා  නුවර බස් රථ රියදුරකු වන වුල්ෆ්ගන් රේ සේවාමුරය අවසන් කොට තම බස් රථය නැවතුම් පොළ කරා රැගෙන ගියේය.

බස් රථයෙන් බැසයෑමට පෙර නැවත රථය පරික්ෂාකරන වුල්ෆ්ගන් හට ආසනයක් යට තිබි බෑගයක් හමු විය.

එහියුරෝ 500 නෝට්ටු රාශියක් සහිත මුදල්  බෑගයකි.

පොලිසිය කැදවා බෑගය බාරදෙන වුල්ෆ්ගන් ගෙදර ගියේය. තම ජිවිතකාලය තුළම ඉතිරි කළ මුදල් බැංකුවේ තැන්පත් කිරිමට රැගෙන ගිය මහලු කාන්තාවක් අමතක වීමෙන් බස් රථයේ  සියබෑගය දමා ගොස්  ඇති බව පොලිසිය සොයාගත්තේය.

අනන්‍යතාවය තහුරු කරගත් පොලිසීය යුරෝ තුන්ලක්ෂ අනුදහසක්  රුපියල් (64,740,000)  සහිත මුදල් බෑගය  කාන්තාවට බාර දුන්නේය