වියළි කාලගුණය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 9කට අයත් පවුල් 45,435ක පුද්ගලයින් 1,49,660 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
යාපනය, මන්නාරම, ත‍්‍රිකුණාමලය, මහනුවර, ගම්පහ, හම්බන්තොට, මොණරාගල, බදුල්ල, අනුරාධපුර යන දිස්ත‍්‍රික්කයන්හි ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
පානීය ජල ගැටලූ හා නියං තත්ත්වය හේතුවෙන් පීඩා විඳින අය පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකය පැය 24 පුරා ක‍්‍රියාත්මකව පවතින බව ද ඔහු කීවේය.

