වියදම් සොයාගැනීමට නොහැකිවී කී‍්‍රඩිකාවෝ දෙදෙනෙක් විසිවෙති


වියදම් සොයාගැනීමට නොහැකිවීම නිසා ප‍්‍රවීන කී‍්‍රඩිකාවන් දෙදෙනෙකු ලෝක මේස පන්දු ශූරතාවලියෙන් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ශූරතාවලින් ඉවත්ව සිටින බව මේසපන්දු ආරංචි මාර්ග සඳහන් කරයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරගාවලිය මැයි 4 වැනිදා සිට 8 වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවරදීත් ලෝක ශූරතා මේසපන්දු ශූරතාවලිය මැයි 11 සිට 15 වැනිදා දක්වා ප‍්‍රංශයේ පැරීස් නුවරදීත් පැවැත්වේ.

මෙම තරගමාලා සඳහා සහභාගීවන ශී‍්‍ර ලංකා කණ්ඩායම්වලට වියදම් දීමට කී‍්‍රඩා අමාත්‍යාංශය ප‍්‍රතික්ෂේප කර ඇතැයිද දැනගන්නට ඇත. වියදම් සොයා ගැනීම මේසපන්දු සංගමයේ වගකීමක් බව කී‍්‍රඩා අමාත්‍යාංශය අවධාරණය කරතිබේ.

වියදම් සොයාගත නොහැකිවීම නිසා තරග සංචාර වලින් ඉවත්වූ එරන්දි වරුසවිතාන හා උමායා ටෙහානි වෙනුවට ශී‍්‍ර ලංකා කාන්තා මේසපන්දු කණ්ඩායමට පවනි සිරිසේන හා ප‍්‍රවීනා සිල්වා ඇතුළත් කර තිබේ. ඉෂාරා මධුරංගි, නුවනි නවෝද්‍යා හා රිද්මි කරඳආරච්චි මෙවර ලෝක ශූරතා හා පොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරගමාලා සඳහා සහභාගීවන සෙසු ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ වෙති.

මේ අතර තරග සංචාර සඳහා සහභාගීවන ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායමට කී‍්‍රඩකයන් පස්දෙනෙකු නම් කළත් ලෝක ශූරතාවලියට සහභාගීවන්නේ ඉන් කී‍්‍රඩකයන් තිදෙනෙකු පමණි. ඒ සමස්ත ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන රොහාන් සිරිසේන ඇතුඑව නිර්මාල් ජයසිංහ හා උදය රණසිංහ පමණි.

වියදම් ගැටඑ හේතුවෙන් මිලින්ද ලක්ෂිත හා යසිත් කාවින්ද නවදිල්ලි නුවරදී පැවැත්වෙන පොදුරද මඬුලූ ශූරතාවලියට පමණක් සහභාගීවීමට තීරණය කර ඇතැයිද වාර්තාවේ.

ජගත් රාජපක්ෂ මහතා මෙම තරග සංචාර වලදී සමස්ත ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු හා කළමණාකරු ලෙසත් කටයුතු කරයි. තමාරා ඩෝරින් මහත්මිය කී‍්‍රඩිකාවන් භාර නිලධාරිනිය ලෙස නම්කර තිබේ.

කාන්තා කණ්ඩායමේ කී‍්‍රඩිකාවන් බහුතරයක් පාසල් සිසුවියන් වන අතර පිරිමි කණ්ඩායමේ උදය රණසිංහ මහනුවර ධර්මරාජ විදුහලේ සිසුවෙකි. සංචාරයට එක්ව සිටින කී‍්‍රඩිකාවන් වැඩිදෙනෙකු අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සිසුවියෝ වෙති. පවනි සිරිසේන කුරුණෑගල මලියදේව ආදර්ශ බාලිකා විදුහලේ සිසුවියකි.

මේ අතර මෙම ප‍්‍රධානතම අන්තර්ජාතික තරගමාලා සඳහා ශී‍්‍ර ලංකාවේ පෙර සූදානම ප‍්‍රමාණවත් නොවූ බවට චෝදනා එල්ල වේ. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මේසපන්දු සංගමයේ නිලවරණය කැඳවූ සමයේ තෝරාගත් බැවින් ඒ කෙරෙහි නිලධාරීන්ගේ උනන්දුව ප‍්‍රමාණවත් නොවූ බව එහිදී හෙළිවී තිබේ.

කෙසේ වුවත් මීට දින ගණනාවකට ඉහතදී ලෝක ශූරතා හා පොදුරාජ්‍ය මණ්ඩලීය තරග සඳහා සහභාගීවන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පූර්ව පුහුණුවීම් ආරම්භ කළ බවත් වාර්තාවේ. කී‍්‍රඩිකාවන් භාර නිලධාරිණිය සම්බන්ධයෙන්ද ගැටඑ සහගත තත්ත්වයන් පවතින බව මේසපන්දු ප‍්‍රවීනයෝ පිරිසක් ‘ලංකාදීපයට’ පැවසූහ.

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම මැයි 04 වැනිදා දිවයිනෙන් පිටත්ට යයි.