වියට්නාම් තෙල් නැව අල්ලනු


ලංකා ඉන්දියා තෙල් සමාගම වෙනුවෙන් මෙට්‍රික් ටොන් 4500ක ඉන්ධන ගෙනා වියට්නාම් ධජය යටතේ යාත්‍රා කළ විනාලයින්ස් ග්ලෝරි නැව අත්අඩංගුවට ගන්නැයි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු එම් පී බී එස් මොරායස් මහතා අද වරෙන්තු නියෝග කළේය.

ඉන්දියා ඔයිල් සමාගම තමනට වූ අලාභය වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් 25 ලක්ෂයක් (රුපියල් තිස් දෙකෝටියක්) වන්දි ඉල්ලයි. එම නැව පෙට්‍රල් ඩීසල් හා  නැව්වලට යොදන ඩීසල් ශ්‍රී ලංකාවට ගෙනවුත් ඇත. නැවට පටවද්දී හොඳ තත්ත්වයේ තිබුණු තෙල් ශ්‍රී ලංකාවට එන විට බාල වී තිබූ බව අධිකරණයේදී කියැවිණි.

 නැව ත්‍රිකුණාමල වරාය අසළ මුහුදේ නැංගුරම් දා  ඇති අතර නාවික හමුදාවෙන් ආරක්ෂාව සළසා ඇත.