විමල්ලා සන්ධානයෙන් ඉවත් වෙති


එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ වූ සියලු දේශපාලන බැඳීම්වලින් ජාතික නිදහස් පෙරමුණ නිදහස් වූ බව කියමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එජනිස මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අද ලිපියක් යොමු කර තිබේ.  

එම තීරණය ගැනීම ගැන තමා කණගාටු වන නමුත් එය පිළිගැනීමට ඇමැතිවරයා සදාචාරාත්මකව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු එම ලිපියේ සඳහන් කර තිබේ.

මෙම තීරණය ගැන දැනටමත් කතානායකවරයා දැනුම්වත් කර ඇතැයිද වීරවංශ මහතා එම ලිපියේ සදහන් කර ඇත.