‘නැත්ත වෙනුවට ඇත්ත‘ නමින් පොතක් මුද්‍රණය කිරීමෙන් බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ගොනු කළ නඩුව ලබන වසරේ මාර්තු 10 සහ 15 දෙදින විභාගයට ගැනීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා අද නියෝග කළේය.
නඩුව අද විභාගයට ගැනීමට නියමිතව තිබූ අතර විමල් වීරවංශ මහතා අධිකරණයට දැන්වූයේ අද පාර්ලිමේන්තුවට සහභාගී වීමට ඇති නිසා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.