(මනෝප‍්‍රිය ගුණසේකර)
රුපියල් කෝටි නවයකට අධික වටිනාකමකින් යුත් රජයේ වාහන හතළිහක් පමණ අවභාවිතා කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට රිමාන්ඩ් බාරයට පත් කොට සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහෙස්ත‍්‍රාත්වරිය විසින් ලබාදුන් නියෝගය ප‍්‍රතිශෝධනය කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 21 වැනි දා ප‍්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (8) දැනුම් දුන්නේය.
කොටුව මහෙස්ත‍්‍රාත්වරියගේ නියෝගය ප‍්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට තිබු ඇයැදුම් පත‍්‍රය සම්බන්ධයෙන් දෙපාර්ශවයේ නීතීඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ විනිසුරුවරයා තීන්දුව සඳහා එලෙස දින නියම කළේය.
විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කොට ඇති මෙම ප‍්‍රතිශෝධන ඇප ඇයැදුම් පත‍්‍රයේ වගඋත්තරකරුවන් ලෙස පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අනුර පේ‍්‍රමරත්න, සංජීව තේනබදු, නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හා නීතීපතිවරයා නම් කොට ඇත.
විමල් වීරවංශ මහතා නිවාස, ඉදිකිරීම් හා ඉංජීනේරු සේවා ඇමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ රුපියල් කෝටි නවයකට අධික වටිනාකමකින් යුත් රජයේ වාහන 40ක් පමණ වෙනත් පුද්ගලයින්ට ලබාදී රජයේ මුදල් අවභාවිතා කරන ලදැයි කියමින් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කොට ඇති බව පෙත්සමේ සඳහන් කර ඇත.

