(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් භාරයේ සිටින මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (26) පෙරවරුවේ බන්ධනාගාර රෝහලට ඇතුළු කරනු ලැබීමෙන් පසු ඔහුගේ තත්ත්වය පරීක්ෂා කළ වෛද්‍ය නිලධාරීන් වීරවංශ මහතාගේ ලේ සාම්පලයක් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇත.
එහෙත් අද (ඉරිදා) නිවාඩු දිනයක් බැවින් ලේ සාම්පල් පරීක්ෂාව පිටතින් කරගෙන එන ලෙසත් දන්වා ඇතැයි දැනගන්නට තිබේ.
බන්ධනාගාරය අසලදී වීරවංශ මහතා වෙනුවෙන් අධිෂ්ඨාන පූජාවක් සහ සෙත් පිරිත් සජ්ජායනයක් කිරීමට බෙංගමුවේ නාලක හිමි සහ මහාචාර්ය මාදුරුඔය දම්මිස්සර හිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය එක්ව සිටියහ. මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, දේශපාලන මණ්ඩල සභික පත්ම උදයශාන්ත ඇතුළු සෙසු පක්ෂ නායකයින් හා මහජන නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියහ.

