විමල්ගේ පිරිස තුංමුල්ලේ උද්ඝොෂණයක්


ජාතික නිදහස් පෙරමුණ විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් මහතාගේ පැමිණිමට විරෝධය පළ කරමින් ජාතික විරෝධතා ව්‍යාපාරයතක් අද (06) සවස ලිප්ටන් වටරවුමේ දී ආරම්භ කැරිණි.

විරෝධතා කරුවන් පවසන්නේ මානව හිමිකම් කොමසාරිස් පැමිණෙන්නේ යුධ අපරාධ අධිකරණය පිහිටුවීමට බවයි.

මෙම විරෝධයට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු නායකයෝ කිහිප දෙනෙක් සහභාගී වූහ.

විරෝධතා කරුවන් ලිප්ටන් වටරවුමේ සිට පා ගමනින් තුංමුල්ලේ පිහිටි එක්සත් ජාතීනගේ කාර්යාලය ඉදිරිපිටට පැමිණ සිය විරෝධය පල කළහ.

එක්සත් ජාතීන්ගේ කාර්යයාලයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.

DSC_4423 DSC_4448 DSC_4465 DSC_4511 DSC_4557

 1126cd5af2d581944f6bb936af1e8341cd5e081389fe8526dda6aa569afe147e  7294169076e4280578a2ac9d90058843b725dbf46011620067ca63fff7073584