(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය හදිසියේ අසනීප වීම නිසා අද(23) රෝහල්ගත කර තිබේ.
වීරවංශ මහතා බන්ධනාගාරයේ උපවාසයක නිරතව සිටින හෙයින් ඉන් පසුතැවීමට පත්වීම නිසා ඇය බදාදා(22) සිට ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ආරංචි මාර්ග කියයි.
රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය කොළඹ ළමා රෝහලට ඇතුළත් කර ඇත.

