(ෂෙහාන් චාමික සිල්වා)
රජයේ වාහන 40ක් අවභාවිත කළැයි රිමාන්ඩ් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹ මහාධිකරණයට ගොනු කළ ප්‍රතිශෝදන ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (21) නියෝග කළේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය වීරවංශ මහතාට ලබාදුන් රක්ෂිත බන්ධනාගාර නියෝගයට එරෙහිව මෙම ඇප අයදුම්පත ගොනු කැරිණි.
පොදු දේපල පනත යටතේ අවභාවිතාව රුපියල් 25000ට වැඩි අවස්ථාවලදී මහේස්ත්‍රාත් අධිකරණයට ඇප ලබාදිය හැක්කේ සුවිශේෂි කරුණු යටතේ පමණක් බැවින් මෙලෙස මහාධිකරණය හමුවේ ඇප අයදුම්පතක් ගොනු කිරීමට සිදු විණි.
සුවිශේෂි කරුණු යටතේ ඇප ලබා නොදීමට කොටුව මහේස්ත්‍රාත්වරිය ගත් තීරණය නිවැරදි බව ද විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

