විමල් වීරවංශගෙන් අගමැතිට අභියෝගයක්


පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන දේශපාලන න්‍යාය පත්‍රයන් අනුව ක්‍රියාත්මක වන බවට ජනපති කළ ප්‍රකාශයට වහා පිළිතුරු දෙන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (13) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කළේය.

‘රට පාලනය කරන්නේ අගමැතිරයා බව ජනපති තමනගේ කතාවෙන් අවංකවම ඔප්පු කරලා තිබෙනවා. රටේ ජනපතිට බොරු කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරගෙන ඉන්නේ වෙන කාගේ හෝ නියෝග මතයි. ජනපති වහෙන් ඔරෝ බසින් මේ කියන්නේ අගමැති ගැනයි. මේවාට පිළිතුරු දෙන ලෙස අගමැතිට අභියෝග කරනවා‘ යැයි ද වීරවංශ මහතා කියා සිටියේ පිටකෝට්ටේ ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

webIMG_3507