විමල් වීරවංශ ‘ඊ‘ වාට්ටුවට


රිමාන්ඩ් බාරයට පත් කැරුණු හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අද සවස වැලිකඩ බන්ධනාගාරයේ ‘ඊ‘ වාට්ටුවට යොමු කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටිය දී රිමාන්ඩ් බාරයේ සිටියේ ද, හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් බාරයේ සිටියේ ද මෙම ‘ඊ‘ වාට්ටුවේය.

රිමාන්ඩ් කැරුණු වීරවංශ මහතා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සවස වැලිකඩ බන්ධනාගාරයට ගියේය. සිර වාට්ටුවට යොමු කළ වීරවංශ මහතා හිටපු ජනපති සමග කතා බහ කිරීමට කාර්යාලය වෙත ගෙනු එනු ලැබීය.

_DSC0075 _DSC0094

_DSC0036