විමල් වීරවංශ බුද්ධගයා ප්‍රහාරය හෙළා දකියි


බුද්ධගයා ත්‍රස්ත ප්‍රහාරය දැඩි පිළිකුළෙන් හෙළා දකින බවත්, ඊට හවුල් සියලු දෙනාට නීතිය මගින් ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් නිවාස ඇමැති විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

පටු ජාතිවාදී ආගම්වාදී මුවාවෙන් සිදු කරන ක්‍රියා සමාජයේ පැවැත්මට බෙහෙවින් අහිතරකර යැයි ද, ජාතීන් අතර සමගියට බාධාවක්යැයි ද ඔහු කියයි.

ත්‍රස්තවාදය ලොවෙන් අතුගා දැමීමට සියලු බේද පසෙකලා සියලු දෙකා එකතු විය යුතු බව ද ඔහු කියයි.