විමල් වීරවංශ බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට


(ජයන්ත සමරකෝන් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ/ ඡායාරූප - ඉෂාන් සංජීව)

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(29) දහවල් 12.20ට පමණ කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබ ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ 45 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.

අද පෙරවරුවේ බන්ධනාගාර රෝහලට පැමිණි කායික රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ මත ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම නිසා ජාතික රෝහලට මාරු කිරීමට උපදෙස් දී ඇති අතර දිගින් දිගටම සේලයින් ලබාදීමට නොහැකි බැවින් එසේ රෝහල්ගත කිරීමට කටයුතු කර ඇතැයි උපුල්දෙණිය මහතා සඳහන් කළේය.