පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සාමාන්‍ය අධිකාරි සමන්ත ලොකුහැන්නදිගේ මහතා පෙබරවාරි 07 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
ඇප ඇයදුමට සුවිශේෂි කරුණු ලෙස සඳහන් කර තිබු වීරවංශ මහතාගේ දියණියගේ මානසික තත්ත්වය ඇප ලබා දීමට කරුණක් නොවන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.




