(ජයන්ත සමරකෝන්)
ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටින මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය උපවාසය අත්හළ බව නිල නොවන ආරංචි පවසයි. විමල් වීරවංශ මහතා බන්ධනාගාරගතව සිටිය දී පසුගිය 21 වැනිදා උපවාසය ආරම්භ කළේය.
ජාතික රෝහලට අද පෙරවරුවේ පැමිණි මැදගොඩ අභයතිස්ස, කිරම විමලජෝති ඇතුළු හිමිවරු පිරිසක් වීරවංශ මහතාගෙන් උපවාසය නවත්වන ලෙස ඉල්ලා ඇති බවත් පසුව කිරි වීදුරුවක් පානය කොට ඔහු උපවාසය අත්හළ බවත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
වීරවංශ මහතා වෙනුවෙන් ඔහුගේ සටන් තමන් ඇතුළු පිරිස භාරගන්නා බව එහි ගිය හිමිවරු පිරිසක් කියා ඇතැයි ද ඔහු කීවේය. නාපානේ පේමසිරි රාමඤ්ඤ නිකායේ මහ නායක, නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනු නාහිමි ඇතුළු තවත් නා හිමිවරු කිහිප දෙනෙක් ද විමල් වීරවංශ මහතාට උපවාසය අත්හරින ලෙස ලිඛිතව දැනුම් දී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

