විමල් වීරවංශ 24 දක්වා රිමාන්ඩ්


පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් අද දවල් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති විමල් වීරවංශ මහතා සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එල් එච් සමන්ත මහතා ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.

කුලී පදනම මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ලබා ගත් රජයේ වාහන 40ක් ඥාති හිතමිත්‍රාදීන්ට සහ දේශපාලන කටයුතු සඳහා ලබා දීමෙන් රජයට රුපියල්  නව කෝටි දහසය ලක්ෂයක් පාඩු කළැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔවුන් අධිකරණය ඉදිරිපත් කළේය.

DSC_0214 DSC_0240 DSC_0250