ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් විදේශගත වීමට උත්සාහ කළැයි තමා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළැයි රහස් පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹ දී අද (29) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, මහාචාර්ය තිස්ස විතාරණ, උදය ගම්මන්පිල, ජානක වක්කුඹුර යන මහත්වරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස්ද ඊට එක්විය.


