ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ලබන 29 වන ඉරුදින ලන්ඩන් නුවරදී" සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව" නමින් විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.
මෙම දේශනය සංවිධානය කර ඇත්තේ "දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ" නම්වූ කණ්ඩායමක් විසිනි. රැස්වීම පැවැත්වෙන්නේ 29 වන ඉරිදා දහවල් 1 ට හවුන්ස්ලෝ ෆෙල්තම් පාසල් ශාලාවේදීය.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදය විසින් මෙදිනම පැවැත්වීමට සුදානම් කර ඇති "මාතෘ භුමි වන්දනා රණවිරු උපහාර උළෙල" සඳහා අවහිර තාවයක් ඇති නොවීම සඳහා මෙම රැස්වීම දහවල් 1 ට ආරම්භකිරීමට අදහස් කරන බව මේ පිළිබඳව නිකුත්කර ඇති නිවේදනයෙහි දක්වා ඇත.
29 වනදින දහවල් 3 ට කුවීන්ස්බරි සියලු ශාන්තු වරයන්ගේ දේවස්ථාන ශාලාවේදී පැවැත්වෙන "මාතෘ භුමි වන්දනා රණවිරු වැඩසටහන" සඳහා මෙවර ශ්‍රී ලංකාවේ සිට සුවිසේෂී රණවිරුවෙකු සහභාගී වීමට නියමිත බවද කියති.
වීරවංශ මහතා මීට පෙර විදෙස් ගත වීමට යද්දී විදෙස් ගමන් බලපත්‍ර ගැටළුවක් නිසා අත්අඩංගුවට පත් විය. දැන් ඔහු ඇප පිට සිටී.

