විමල් නෑයන්ට ගෙවල් දීලා ?


මත්තෙගොඩ හා කහතුඩුවේ හැදූ නිවාස කිහිපයක් හිටපු නිවාස සංවර්ධන ඇමැති විමල් වීරවංශ මහතාගේ පවුලේ ඥාතීන් අතර බෙදාගෙන ඇතැයි කියන සිද්ධියක් ගැන බරපතල වංචා සහ දුෂණ චෝදනා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

වීරවංශ මහතාගේ මස්සිනාවරුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනකුගේ ප‍්‍රකාශද ලබාගෙන ඇත.

කුණ්ඩසාලේ පදිංචි වසන්තා රූපසිංහ, මහරගම වත්තේගෙදර ආනන්ද ප‍්‍රියදර්ශන, මාතර නාවිමන මාලගොඩ ඩබ්.හේමසිරි, සහ හඟරම්මුල්ල ඌරූගමුවේ මිලින්ද රත්නායක ප‍්‍රජා විශෝධන නිලධාරිනියක වන අනුෂා නිරෝෂිණි නනායක්කාර ගෙන්ද කොමිසම කටඋත්තර ලබාගෙන ඇත.

විශාල වටිනාකම් වලින් යුතු රජයේ නිවාස ඉතාම අඩු මිල ගණන් වලට නිසි ක‍්‍රමවේදයකින් තොරව තම ඥාති හිතවතුන්ට ලබා දී ඇති බව මුලික පරික්ෂණ වලදී හෙළි වී ඇතැයිද කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.