රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අද (7) වැලිකඩ බන්ධනාගාරයේ සිට කොටුව මහේස්ත්‍රාත් උසාවියට රැගෙන එනු ලැබීය.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ නඩුව අද විභාග කිරීමට නියමිත අතර පෙරදින නඩු වාරයේ දී උසාවියේ කෑ ගසමින් කලබල කළැයි රිමාන්ඩ් කරනු ලැබූ සුදේශ් ප්‍රේමලාල් ද අද උසාවියට රැගෙන එනු ලැබ සිටී.







