විමල් 20 දා දක්වා රිමාන්ඩ්


රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ඇමැති විමල් වීරවංශ මහතා ලබන 20 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (7) නියෝග කළාය.

පෙරදින නඩු වාරයේ දී උසාවියේ කෑ ගසමින් කලබල කළැයි රිමාන්ඩ් කරනු ලැබූ සුදේශ් ප්‍රේමලාල් ද අද උසාවියට රැගෙන එනු ලැබ සිටී.