විභාගයට දවසකට කළින් සිසුවා යන්න යයි


 වැලිවේරිය නගරයේදී  යුද  හමුදා වෙඩි ප්‍රහාරයකින් මිය ගිය  වැලිවේරිය නැදුන්ගමුවේ   පදිංචි 19 හැවිරිදි ශමිල රවිෂාන්  පෙරේරා  සිසුවාගේ මුලික මහෙස්ත්‍රාත්  මරණ පරීක්ෂණය  අද (04) දහවල්  ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේදී  සිදු විය.

මාලිගාකන්ද වැඩ බලන මහෙස්ත්‍රාත් ලොයිඩ්  ග්‍රේ  මහතා මෘත ශරීරාගාරයට පැමිණ  මුලික පරික්ෂණයක් පැවැත්වීය.

ගම්පහ උඩුගම්පළ ශාන්ත පීතර විද්‍යාලයයේ  දීප්තිමත් ශිෂ්‍යකු වු රවිශාන් හෙට (05) ආරම්භ කිරීමට නියමිත  අ පො ස උසස් පෙළ  විභාගය සදහා මුහුණ දීමට  සිටි බවත් උපකාරක පන්ති ගොස් නිවසට එන අතරතුරදී වෙඩි වැදුණු බවත් කියති.

ශාන්ත පීතර විදුහලේ  විදුහල්පති චමින්ද වනිගසේකර පියතුමා පැවසුයේ  මොහු විදුහලේ  කැපී පෙනෙන ශිෂ්‍යකු බවයි. ක්‍රිඩාවට මෙන්ම   අධ්‍යාපනයටද  දක්ෂයකු බවත් පියතුමා  කිවේය. තමන් උසස්පෙළ  විභාගයෙන්  උසස් ලෙස සමත් වී  පාසලට  ගෞරවයක්  ලබා දෙන බවට  නිතර කියා සිටි සිසුවකු බවත් මෙම මරණය දරාගත නොහැකි බවත් පියතුමා එසැණ හා පැවසීය.