විභාග විතරක් මදි : හැකියාවත් ඕනෑ


රටේ විවිධ ක්ෂේත්‍රයන් හි රැකියා කරන තරුණ පෙළ සදහා  ජාතික මට්ටමේ වෘත්තීය සුදුසුකම් ඇති කැර ඔවුන්ගේ ජීවිතවලට  නව වටිනාකමක් එක් කරන්නට සමත් වී ඇතැයි අධ්‍යාපන  නියෝජය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා  පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කැර සිටියේ  මොහාන් ලාල් ග්‍රේරු පදනම මගින්  නොමිලේ පවත්වන රූපලාවන්‍ය පුහුණු පාඨමාලාව යටතේ  රූපලාවන්‍ය පාඨමාලාව හැදැරූ  ශිල්පිනියන් විසින් ඉදිරිපත් කැරැණු මානාලියන් දැක්මකට එක් වෙමිනි.

අදහස් දැක් වු මොහාන් ලාල් ග්‍රේරු මහතා

‘පාසල් අධ්‍යාපනයෙන් විභාග සමත් වීම මදි .ජීවීතය ගොඩ නඟා ගන්නට නම් සිය හැකියාවෙන් ජීවිතය දිනිය යුතුයි.එයින් තමයි ජීවීතයට අර්ථයක් එකතු වෙන්නේ.රූපලාවන්‍ය කියන්නේ ජාත්‍යන්තර මට්ටමින්  විශාල කීර්තියක් ලබා ගෙන ඇති වෘත්තීය මට්ටමේ රැකියාවක් ඒ එමගින් ජත්‍යන්තර මට්ටමින් පිළිගන්නා අධ්‍යාපනයක් ද ගත හැකියි.

මෙවැනි  වෘත්තීයන් තෝරා ගනිද්දී  නිකම්ම නිකම් රූපලාවන්‍ය ශිල්පිනියක් වෙනවට වඩා ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් වෘත්තීයම ශිල්පිනියක් වන්නට ලැබී තිබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න.  ‘