විභාග ප්‍රශ්න පත්‍රය හොරට විකුණන්න හදලා


පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලයයේ හය ශ්‍රේණිය සඳහා ළමයින් ඇතුළත් කිරීමට ඉරිදා (15) පැවැත්වීමට නියමිතව තිබූ විභාගයේ ගණිතය හා සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර රුපියල් විසි දහසකට විකුණමින් සිටි බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත්, තවත් සැකකරුවන් සොයන බවත් පොලිසිය කියයි.