(රංජන් කස්තුරි)
මින් ඉදිරියට පැවැත්වෙන ප්‍රධාන විභාගවල ප්‍රතිඵල නිකුත් කෙරෙන නිශ්චිත දින හඳුන්වාදී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ඒ අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් මස 27 වැනි දා නිකුත් කරන අතර ඉදිරියේදී සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සෑම වසරකම මාර්තු මස 28 වැනි දා නිකුත් කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර් මස 05 වැනි දා නිකුත් කෙරන බව ද අමාත්‍යංශය සඳහන් කරයි.

