
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාවේදී රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුව නොකිරීමට හැකියාව ඇත්දැයි සොයා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී විමල් වීරවංශ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

