
(අංජුල මහික වීරරත්න)
අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව එල්.බී ෆිනෑන්ස් සමාගම විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කරනු ලැබීය.
ඊට අදාළ චෙක්පත එල්බී ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට පිළිගැන්වීය.
විපතට පත් ජනතාව වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ඉදිරියේදී තවදුරටත් සහාය ලබා දීමට බලාපොරොත්තු වන බවද එල්බී ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මහතා මෙහිදී ජනාධිපති ලේකම්වරයාට සහතික විය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ එල්බී ෆිනෑන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

