විපක්ෂෙ ඉන්න අපට විදුලි බල ප්‍රශ්නෙ කියන්නෙ මොකද?


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවට ඇවිත් විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්න ගැන විපක්ෂයේ ඉන්න අපට කියන්නේ මොකටදැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:- (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.

"විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නය ගත්තේ ඔබතුමාලා.දැන් ඒවා අපට විග්‍රහ කරලා වැඩක් නෑ. විදුලි බල සේවකයෝ එක්ක කතා කරගන්න.අපි මේ විපක්ෂයේ ඉන්න මිනිස්සුන්ට ඕවා කියන්නේ මොකටද?ඇමති කාලේ මම පැදපු වී එයිට් වාහනේ දැන් සබන් කොම්පැනිය සභාපති පදිනවා.ඉතින් මෙහෙම ආණ්ඩුවකට හරි යනවද?" යනුවෙන්ද මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.